හෆ්ෆා ඊයේ ලංකාවේ අපට පට්ට happening දවසක්.. සුමාත්‍රා වල සිදුවුණු භූමිකම්පාව සහ ඉන්පසු ඇතිවිය හැකි බවට අනුමාන කරපු සුනාමි අවදානම නිසා ඊයේ සිදුවෙච්ච දේවල් නම් ගොඩක් කල් යනකන් අමතක වෙන එකක් නැහැ... ඊයේ ගොඩක් කලබල වෙන්න හේතුව උනේ ලංකාවේ ගොඩක් ස්ථාන වලට මේ භූකම්පනය දැනුනු නිසයි.. මමත් Lord Of the Rings filmඑකේ අන්තිම වලිය බලබල හිටියේ, මෙන්න බොලේ එකපාරටම monitor එක හෙලවෙන්න ගත්තා! ඒ එක්කම fan එකයි කාමරේ දොරයි, ජනේලයි සට සට ගාල හෙලවෙන්න ගත්තා. මම හිතුවේ අපේ පැත්තට විතරක් වෙන්නැති කියල.. මෙන්න බොලේ එපාර facebook එකට ගියා විතරයි ගොඩක් අය එයාලටත් දැනුනු බව දාල තිබුන.....
ඔන්න ඔහොම පටන් ගත්තු සිද්ධිය අන්තිමේදී දෙයියන්ගේ පිහිටෙන් කරදරයක් නැතුව ඉවරවුණා. ඉවරයි කිව්වට තවම පොඩි පොඩි ඒවා වෙනවලු... අද උදේ 6.20ටත් 4.7ක පොඩි එකක් වෙලා.. ලොකු භූමිකම්පාවකට පස්සේ පොඩි පොඩි ඒවා සිදුවෙන එක සාමාන්‍ය දෙයක්, කොහොම නමුත් ඒවා ගැන අවධානයෙන් ඉන්න පුළුවන් හොඳ වෙබ් අඩවියක් මට හම්බුනා...
ලෝකේ ගොඩක් තැන වල සිදුවන භූකම්පන මේකේ පැය භාගයක් විතර ඇතුලත update වෙනවා ... කැමතිනම් ගිහිල්ල බලන්න....
මෙන්න link එක: http://earthquake.usgs.gov/earthquakes/map/
0 comments:
Post a Comment