1.
PAMUKKALE - TURKEY
5.RACETRACK PLAYA - USA
කැලිෆෝනියා වල තියෙන පෘතුවියේ එකකාරිම ස්ථානයක් ලෙස සලකන නිම්නයක් තමයි මේ. මේකට අවුරුද්දට වතාවක් පැමිණෙන වැසි කාලයේදී මේක මද ස්තරයක් වගේ වෙනවා. ඒ කාලෙට මේකේ තියෙන පොඩි ගල් කුට්ටු වගේ ඒවා ඇවිදින්න ගන්නවා!! ඔව් එහෙම ඇවිදලා ඉවර උනහම අර ගොළු බෙල්ල ගියපු පර වගේ පාරකුත් හැදෙනවා. විද්‍යාඥන් අනුමාන කරන්නේ මේක අධික සුළඟ නිසා වෙන දෙයක් කියල. නමුත් තවමත් එහෙම ඇදිල යන video එකක් record කරගන්න අසමත් වෙලා තියෙනවා.
පින්තුරේ දිහා බැලුවහම පේනවනේද හරිම අමුතුයි. මේක හොයාගෙන ගොඩක් කල් උනත් තවම මේගැන දන්නේ ලෝකේ පොඩි පිරිසක්. අපට වගේ නෙමෙයි තුර්කියට භූමිකම්පා කියන්නේ සාමාන්‍ය දෙයක් .අවුරුදු දහස් ගණනකට පෙර ඇතිවූ භූමිකම්පා(අපිට ගිය අඟහරුවාදා අපු එක වගේ හික්ස්!) නිසා ඇතිවුණු බිඳුම් වලින් කැල්සියම් කාබනේට් බහුල උල්පත් ජලය පොලව මතුපිටට ඒමත් සමග මෙය ඇතිවූ බවයි විශ්වාස කරන්නේ. එසේ උඩට එන ජලය නිසා ඝනීභවනය වෙලා ඒ තියෙන කැල්සියම් තට්ටු වශයෙන් තැම්පත් වෙලා තමයි මේ බිත්ති හැදෙන්නේ. (හරියට නිකන් ගුහාවල හිරි ලඹ ඇති වෙනවා වගේ) මෙතනට ආසන්නයේ ග්‍රීක රෝම නගරයක්ද පිහිටලා තිබිල තියෙනවා. ඒ නගරෙට කියල තියෙන්නේ 'ශුද්ධ වූ නගරය' (Holy City ) කියල. ගොඩක් දුරට එහෙම කියන්න ඇත්තෙත් මේ අමුතු විල නිසා වෙන්න ඇති.
2. MOERAKI - NEW ZEALAND
මේ අමුතු වටකුරු ගල් කුට්ටි පිහිටලා තියෙන්නේ නවසීලන්තයේ දකුණු දුපතේ Koekohe මුහුදු වෙරළේ. අවසාධිත නිධි වර්ධනය වෙලා මේක නිර්මාණය උන කියල තමයි අනුමාන කරන්නේ. ගල් කුළු ඛාදනය වීමෙනුත් මේවගේ කුට්ටි ඉතිරි වෙන්න පුළුවන්.

කොහොම නමුත් මෙතන තියෙන ලොකු කුට්ටි ටොන් කීපයක් විතර බරයිලූ! ඒවගේම මීටර් 3ක් විතර පළලයි..
3. NINE HELLS OF BEPPU
ජපානේ ප්‍රධාන දුපත් ක් තියෙනවනේ හොන්ෂු , ශිකොගු, කිවුෂු, හොකයිඩෝ කියල.. ඒවා අතරින් කිවුෂු කියන දුපතේ තමයි මේ පොකුණු පිහිටලා තියෙන්නේ. මේ පොකුණු 9ටම ඒවාට අවේනික ලක්ෂණ, පාටවල් තියෙනවා. ජපානය තුල බොහොම ප්‍රසිද්ධ උනාට රටින් පිට වැඩිය ප්‍රසිද්ධ නැතිලු.
4. EYE OF AFRICA - MAURITANIA
මේක පිහිටලා තියෙන්නේ සහරා කාන්තාරේ. ඇත්තටම ගුවනේ ඉඳන් බලනකොට මේක පෙන්නේ ඇහැක් වගේ. මේකත් සිදුවෙලා තියෙන්නේ ඛාදනය වීමෙන් කියල තමයි කියන්නේ. නමුත් ඇතැමුන් ඊට එකඟ නොවී කියන්නේ මේක උල්කාපාතයක් වැටීමෙන් පසු සිදුවූවක් කියල. සමහරු මේ දෙකටම එකඟ නොවී කියන්නේ මේක පොලව යට න්‍යෂ්ටික පිපිරීමකින් ඇතිවුණු දෙයක් කියල.
කැලිෆෝනියා වල තියෙන පෘතුවියේ එකකාරිම ස්ථානයක් ලෙස සලකන නිම්නයක් තමයි මේ. මේකට අවුරුද්දට වතාවක් පැමිණෙන වැසි කාලයේදී මේක මද ස්තරයක් වගේ වෙනවා. ඒ කාලෙට මේකේ තියෙන පොඩි ගල් කුට්ටු වගේ ඒවා ඇවිදින්න ගන්නවා!! ඔව් එහෙම ඇවිදලා ඉවර උනහම අර ගොළු බෙල්ල ගියපු පර වගේ පාරකුත් හැදෙනවා. විද්‍යාඥන් අනුමාන කරන්නේ මේක අධික සුළඟ නිසා වෙන දෙයක් කියල. නමුත් තවමත් එහෙම ඇදිල යන video එකක් record කරගන්න අසමත් වෙලා තියෙනවා.
0 comments:
Post a Comment