ලංකාවේ අපි internet ගිහිල්ල කරන ප්‍රධාන දේවල් වලින් එකක් තමයි සින්දු download කරන එක. නමුත් ගොඩක් අයට හරියට වෙබ් අඩවියක් හොයාගන්න බැහැ ඒ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ අයට English mp3  tracks  පහසුවෙන් හා ඉක්මනින් download කරගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක් තමයි පහලින් තියෙන්නෙ.
ඔව් ඔව් අහන්න දෙයක් නෑ. ලංකාවේ කවුද amazon වලින් බාන්නේ? :P මේවා 100% නොමිලේ!

1.  PAMUKKALE - TURKEY 


පින්තුරේ දිහා බැලුවහම පේනවනේද හරිම අමුතුයි. මේක හොයාගෙන ගොඩක් කල් උනත් තවම මේගැන දන්නේ ලෝකේ පොඩි පිරිසක්. අපට වගේ නෙමෙයි තුර්කියට භූමිකම්පා කියන්නේ සාමාන්‍ය දෙයක් .අවුරුදු දහස් ගණනකට පෙර ඇතිවූ භූමිකම්පා(අපිට ගිය අඟහරුවාදා අපු එක වගේ හික්ස්!) නිසා ඇතිවුණු බිඳුම් වලින් කැල්සියම් කාබනේට් බහුල උල්පත් ජලය පොලව මතුපිටට ඒමත් සමග මෙය ඇතිවූ බවයි විශ්වාස කරන්නේ. එසේ උඩට එන ජලය නිසා ඝනීභවනය වෙලා ඒ තියෙන කැල්සියම් තට්ටු වශයෙන් තැම්පත් වෙලා තමයි මේ බිත්ති හැදෙන්නේ. (හරියට නිකන් ගුහාවල හිරි ලඹ ඇති වෙනවා වගේ) මෙතනට ආසන්නයේ ග්‍රීක රෝම නගරයක්ද පිහිටලා තිබිල තියෙනවා. ඒ නගරෙට කියල තියෙන්නේ 'ශුද්ධ වූ නගරය' (Holy City ) කියල. ගොඩක් දුරට එහෙම කියන්න ඇත්තෙත් මේ අමුතු විල නිසා වෙන්න ඇති.

ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාල හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම ප්‍රර්ථනා කරනවා :D

මේ තියෙන්නේ මේ දවස් වල ඔයාලට වැදගත් වෙන බඩ්ඩක්!
මේ පහලින් තියෙන code එක copy කරලා facebook chatbox එකේ paste කරන්න.
එකෙන් මෙන්න මේ image එක simile එකක් විදිහට පෙන්නාවි.


අද මුණු පොතේ සැරිසරනකොට යාලුවෙක් දාල තිබිල තමයි හම්බුනේ.... 
අතිශය සුපිරියි... කියන්න වචන නැහැ..
මෙයාගේ නම Ian Head .. 
හැබැයි දැනට මෙයාගේ videos  තියෙන්නේ 2ක් විතරයි.. ඒ දෙකම මම ඔන්න post කරා




ඔන්න එපාර භූමිකම්පා ගැනම දානවා කියල කියාවිද දන්නෑ
මේකත් පස්සේ හම්බුනු වටින site එකක්...
මේකේ ඔයාලට නොමිලේ register වෙන්න පුළුවන්. ඊට පස්සේ  අපිට කැමති ප්‍රදේශයේ සිදුවෙන භූමිකම්පා, සුනාමි, ගංවතුර, සුලිසුලන් වගේ තත්ත්ව ඇතිවෙන්න එනවනම් එයාල අපිට SMS එකක් එවනවා. ඔව් ඔව් ලංකාවට වැඩ කරනවා මමත් දාගෙන තියෙන්නේ.  



හෆ්ෆා ඊයේ ලංකාවේ අපට පට්ට happening දවසක්.. සුමාත්‍රා වල සිදුවුණු භූමිකම්පාව සහ ඉන්පසු ඇතිවිය හැකි බවට අනුමාන කරපු සුනාමි අවදානම නිසා ඊයේ සිදුවෙච්ච දේවල් නම් ගොඩක් කල් යනකන් අමතක වෙන එකක් නැහැ... ඊයේ ගොඩක් කලබල වෙන්න හේතුව උනේ ලංකාවේ ගොඩක් ස්ථාන වලට මේ භූකම්පනය දැනුනු නිසයි.. මමත් Lord Of the Rings filmඑකේ  අන්තිම වලිය බලබල හිටියේ, මෙන්න බොලේ එකපාරටම monitor එක හෙලවෙන්න ගත්තා! ඒ එක්කම fan එකයි කාමරේ දොරයි, ජනේලයි සට සට ගාල හෙලවෙන්න ගත්තා. මම හිතුවේ අපේ පැත්තට විතරක් වෙන්නැති කියල.. මෙන්න බොලේ එපාර facebook එකට ගියා විතරයි ගොඩක් අය එයාලටත් දැනුනු බව දාල තිබුන.....


මේක මට ලැබුනේ e-mail එකකින්.. මෙතන තියෙන ගැටළු ටික විසඳන්න try එකක් දෙන්න

මෙන්න එතුමගැන ගොඩක් අය නොදන්නා කරුණු ටිකක්...


1. ඔහුට පොඩි කාලේදී කතාකිරීමේ අපහසුතාවයක් තිබිල තියෙනවා. එක නිසා එයා අනිත් අයත් එක්ක කතා කරලා තියෙන්නේ කැඩි කැඩීලු..

2.අසාමාන්‍ය බුද්ධියක් තිබුනට ඔහුගේ මතකය ඉතාම දුර්වලයිලු. බිරිඳගේ සහ පුතාගේ උපන්දිනවත් ඔහුට මතක තියෙන්නේ නැතිලු. කොටින්ම කිව්වොත් ගෙදරට යන පාරත් බොහොම අමරුවෙන්ලු මතක තියගන්නෙ.

අද 2012 අප්‍රේල් 10. මේක මගේ හිතට අපු පොඩි idea එකක්... ගොඩක් කල් ඉඳල net  එකේ හෙව්වත් මේ වගේ site ඉංග්‍රීසියෙන් තිබුනට සිංහල භාෂාවෙන් තියෙන එකක් හොයාගන්න තිබුනේ නැහැ.. එක නිසා මටත් හිතුන හාහා පුර කියල බ්ලොග් එකක් පටන් ගන්න 'පට්ට facts ' කියල :D
ඉතින් ඔයාල මාත් එක්ක දිගටම රැඳිලා ඉඳීවි කියල මම හිතනවා.. ඒවගේම තමයි මේකේ තියෙන හොඳ නරක ඕනෙම දෙයක් කියන්න.. මොකද අපි හැමෝම දණගලා , වැටිලා එහෙම තමයි නැගිටින්න පුරුදු වුනේ... 
හරි එහෙනම් ඔන්න කයිවාරුව ඉවරයි  :D දැන් බහිමු වැඩේට...
හැබැයි මුලින්ම කියන්න ඕනේ .. මේකේ තියෙන ගොඩක් දේවල් ඔය එක එක තැන් වලින් ඇහිඳ ගන්න ඒවා පරිවර්තනය කරලා.. එහෙමත් නැත්තන් තැන තැන වල තියෙන ගොඩක් දේවල් එකට එකතු කරලා වගේ දේවල්  කරලා තමයි post කරන්නේ.