වැඩිය කතා ඕනෙනෑ.. මටත් වෙලා නෑ අෆ්ෆා :P කියන්න තියෙන ටික  කියල පටස් ගල යන්න වෙනවා, මේ දවස් වල ෆට්ට busy  බන් :D 

මෙන්න මේකයි කතාව. පොඩි කලේ ඉස්කෝලේ යන අවදියේ පටන් උදේට නැගිටිනකොට දැනෙන සුන්දර හැඟීම්ස් හෙමොටම මතක ඇතිනේ :D  කෙටියෙන්  කියනවනම් නිකන් මරන්න ගෙනියන්න නැගිටිනවා වගේ නේද..   ඒ උනාට මේ සමාජයේ අපි ජිවත් වෙන්න නම් ඒ කම්ම්ලිකම් අයින් කරගෙන වැඩ කරන්න වෙනවා, කරන දේ මොනවා උනත් ඒක අපි  පොදුයි. ඉතින් උදේ නැගිට්ට මොහොතේම කම්මැලිකම පැත්තකින් තියන්න පුළුවන් සරල ක්‍රම ටිකක් තමයි පහලින් තියෙන්නේ.

1.ප්‍රෝටීන් අහාර
ප්‍රෝටීන් මගින් අපේ මොලයේ සහ උදරය සංසිඳු වෙනවලු. ඒ කියන්නේ එලට බඩ පිරෙනවලු :P 
මෑතකලින සමීක්ෂණයකට අනුව උදැසන අහාරවෙලෙන් තමන්ගේ දෛනික ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 15%  තරම් අඩු ප්‍රමාණයක් සපුරා ගන්නා පුද්ගලයින් දවස පුරා බිස්කට් හා විවිද රසකැවිලි ගනිමින් අක්‍රමනුකුල ලෙස ප්‍රෝටීන් ලබාගන්න බව සොයාගෙන තියෙනවා. ඒක නිසා උදැසන ප්‍රෝටීන් බහුල අහාරවේලක් ගැනීම මැනවි!!
හොඳින් තම්බා ගත් බිත්තර, ප්‍රෝටීන් බහුල ආහාරයකට නිදසුනකි 

2.චොකලට්  (සුදුසු ප්‍රමාණයට :D)
ඔව් හැබැයි වැඩිය නෙමෙයි පොඩි චොකලට් කෑල්ලක් දෙකක් කෑවොත් එකෙන් අමුතු kick එනවා. එහෙම වෙන්නේ ඒවා වල අඩංගු theobromine කියන සංයෝගය නිසාලු. හැබැයි මේ කියන්නේ කළු චොකලට් හොඳේ. එහෙම නැතුව ආදරයේ අලුත්ම පාට  ඒවා නෙමෙයි ;)

3.කෝපි කෝප්පයක් 
දවසේ කොයි වෙලාවේ උනත් කොපි කෝප්පයක් බිව්වට පස්සේ අමුතු උද්යෝගයක් එන එක හැමෝටම  දැනිල ඇතිනේ. එහෙම වෙන්නේකෝපි වලින් අපේ සිරුරේ උත්තේජනයක් ඇති කරන නිසා. මම නම් අහල තියෙන්නේ කොපි ගොඩක් බොන එක ඇඟට හොඳ නැහැ කියල නමුත් අලුත් පරීක්ෂණ වලට අනුව කොපි වලින් සමේ පිලික වැනි රෝග 20% වැනි ප්‍රතිශතයකින් අඩු කරනවයි කියල හොයාගෙන.තියෙනවලු. කෙසේ නමුත්  ප්‍රමාණය අඩු කරගන්න යොදය රහිත කිරි ටිකකුත් එකතුකරගැනීම කරන්න පුළුවන්.

4.ඉක්මනින් නින්දට යාම
උදේට නැගිටිනකොට නම් මේක කොච්චරවත් හිතෙනවද :D  එහෙම නෙමෙයි එක මතක් කරගන්න ඕනේ රෑට. මොකද විද්‍යාඥයින්ට අනුව රෑ  වෙනකන් ඇහැරිලා ඉන්න ගොඩක් අය තමන්ගේ නින්දේ අඩක් විතර ලබන්නේ උදැසන 5.30න් පසුවලු!  ඇත්තටම එහෙම රෑ ට ගොඩක් නිදිවරන්න හේතුවක් වෙන්නේ රාත්‍රී කෑමෙන්  පසුව ක්‍ෂණික අහාර  ගැනීමයි. එහෙම කරන එක නින්ද නොයාමට විතරක් නෙමෙයි ශරීරයේ තරබාරු වීමටත් හේතුවක් වෙනවලු.


5.ටිකක් තදින් හැපෙන ආහාරයක් ගැනීම
එහෙම ආහාරයක් ගත්තම වෙන දේ දන්නවද?  අපේ මුඛයේ හකු තදින් තෙරපීමෙන් මුහුණේ ඇති පේශීන් අවදිවිමකට ලක්වෙනවා.
එහෙම උනයි කියල කළුගල් වගේ එව්වා හපන්න එහෙම යන්න එපා. ඇපල් ගෙඩ්ඩක් වගේ ඒවා හරිද.

6.ඇඳෙන් බැසි විගස ඇඳ සකසන්න.
මෙය කාන්ත පාර්ශවයෙන් නම් ගොඩක් දුරට සිදු උනාට සමහර කොල්ලොන්ගෙන් නම් සිදුවෙන්නේ නෑ :D  (අෆෝ මම නම් එහෙම නැ)
ඇත්තටම ඇඳෙන් බැස්සගමන් ඇඳ ඇතිරිලි , කොට්ට නැවත අසුරන කොට අපේ ඇත දෙක එහෙම හෙලවිලා දන්නෙම නැතුව ඇඟට පොඩි ව්‍යායාමයක් සිදුවෙනවා. ඒකනිසා නැගිටිනකොට තිබුන ඈලි-මෑලි ගතිය නැතිවෙලා යනවා


ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. කියවල බලල ඕනේ ජීවිතයටත් එකතු කරගන්න බලන්න. හැබැයි ඉතින් ඔය කන බොන එව්වා එහෙම පරිස්සමින් තොර බේරගන්න. මොකද විද්‍යාවෙ සොයාගනී වෙනස්වෙනකොට මේ  හොඳයි කිව්ව කෑම ජාති අපේ ශරීරයට හොඳ නැහැයි කියල ඔප්පු වෙයිද කියන්න බැ ! හැබැයි ඒවාට මාව  නම් අල්ලගන්න එපා!!!
ගිහින් එන්නම්, තව තොරතුරු සමග හමුවෙමු. ඔබට ජය !

0 comments: