අහ් කොහොමද සැප සනීප? හෆ්ෆා අර z -score අවුල නිසා මම නම් තවම ගෙදර. දැන්ම Uni පටන් ගන්න පාටක් නම් නැහැ. දවස යවාගන්නේ කොහොමද කියල හිත හිත ඉන්න කොට තමයි ඔන්න London Olympics පටන්ගත්තේ.

ඉතින් මේ කාලේ ලෝකේ වැඩිපුරම කතා වෙන්නේ මේ ක්‍රීඩා උත්සවය ගැන තමයි. මේ දවස් වල යුරෝපයේ කොච්චර ආර්ථික ප්‍රශ්න තිබුනත් ඒ දේවල් ටිකකට අමතක කරලා මේ උත්සවය නරඹන්න ඒ පැත්තේ අය උනන්දුවෙන් ලන්ඩන් නගරයට එනබවයි පේන්නෙ.
Olympics ගැන සඳහන් කරොත් ඒ ගැන දන්න කරුණු මෙන්ම සැඟවුණු කරුණු කාරණාත් ගොඩක් තියෙනවාලු. මමත් ඒ වගේ ටිකක් අමුතු කරුණු ටිකක් තමයි ඔයාලට කියන්න යන්නෙ. මේවා ඉතින් දන්න අය ගොඩක් ඇති. ඒ උනාට නොදන්නා අය වෙනුවෙන් තමයි මේ ලියන්නෙ.

කිසිඳු සුදු ජාතිකයෙක් 100m දිවීමේ තරගය තත්පර 10ට අඩුවෙන් නිමකර නොමැත! ( වර්ණ භේදය සඳහා නොවේ)
2012  London Olympics වලදී උසේන් බෝල්ට් විසින් Olympic Record එක අලුත් කරන ලදී. ඒ ඊට පෙර ඔහු විසින්ම තබා තිබුණු තත්පර 9.69 වාර්තාව තත්පර 9.63 ක් ලෙස අඩු කරගනිමින්ය. උසේන්ගේ ශක්තිය පිලිබදව ප්‍රශ්නයක් නැති උනත් තරඟය ආරම්භයේදී සංඥාවට ප්‍රතිචාර දක්වන වේගය අනිත් තරඟකරුවන්ට සාපේක්ෂව ඉහල මට්ටමක නැහැයි කියල තමයි මට හිතෙන්නේ. 2008 දී මෙන්ම 2012 දී ද ඔහුගේ reaction time එක තත්පර 0.165 ලෙසටයි සඳහන් වෙන්නෙ.
කොහොමහරි මේ දක්වා තත්පර 10 ට අඩු කලක් තරඟය නිම කරන්න හැකි වෙලා තියෙන්නේ කළු ජාතිකයින්ට විතරයි. පෝලන්තයේ මැරියන් වොරෝනින් ක්‍රීඩකයා මීට අවුරුදු 44 කට කලින් තත්පර 10 කින් තරඟය නිම කල අතර ඒ සුදු ජාතිකයෙකු වාර්තා කල අඩුම කාලයයි. 1968 ඉඳන්ම කළු ජාතිකයින් විසින් මේ තත්පර 10 යේ සිමාව බොහෝ අවස්ථාවලදී ඉක්මවා ගිහින් තියෙනවා.
Marian Woronin, the fastest white guy ever. 

පදක්කම් 100% ක් රත්තරන් නොවේ!
Olympic තරඟාවලියේ තරඟ ඉසව් වලින් පළමු ස්ථාන ලබාගන්නා ක්‍රීඩකයින්ට රන් පදක්කම් ලබාදෙනවා දැකල ඇතිනෙ. ඒ උනාට ඒ පිරිසිඳු තනි රත්තරන් නෙමෙයි. රිදී පදක්කමේ රන් අලේප කරලා තමයි ඒවා හදන්නෙ. බලන්ගියම දෙවන ස්ථානයට හම්බෙන පදක්කමෙයි, පළමු ස්ථානයට ලැබෙන පදක්කමෙයි වෙනස අලේපනයක් විතරයිද කියලත් හිතෙනවා :P . නෑ නෑ පදක්කම් කියන්නේ ඒ අවස්ථාව ජිවිත කාලෙටම මතක තියාගන්න දෙන සමරු තිළිණයක් වගේ දෙයක්, තමන් ලෝකෙම පළවෙනිය කියනකොට ඇතිවෙන හැඟීම ඊට වැඩ ගොඩක් වටිනවා. කොහොමහරි අවසන් වතාවට තනිකර රත්තරන් වලින් හදපු පදක්කම් දීල තියෙන්නේ 1912 වර්ෂයේදී තමයි. ඒ කියන්නේ හරියටම අවුරුදු 100කට කලින්!

පලමුවෙනියට රිදී පදක්කමක්?!
ඔව් 1896 දී පැවති Olympic තරඟාවලියේදී පළමු ස්ථාන ලබාගත් ක්‍රීඩකයින්ට රිදී පදක්කමක් හා ඔලිව් අත්තක් බැගින් ලබා දී තියෙනවා. දෙවැනි ස්ථාන සඳහා ලෝකඩ පදක්කම් ලබා දුන් අතර තෙවැනි ස්ථාන සැලකිල්ලට ගෙන නැත!!

පදක්කම් වෙනුවට චිත්‍ර.
1900 දී ප්‍රංශයේපවතී දෙවන Olympic තරඟාවලියේදී ජයග්‍රහකයින්ට ලබා දී ප්‍රංශ චිත්‍රයි. ඒවා වඩා වටිනා බවට ඔවුන් සලකා තිබුනා. ජයග්‍රහකයිට පදක්කම් ලබා දීමක් සිදු කෙරුනේ තුන්වෙනි Olympic තරඟාවලියේ සිටයි.

දින 187 ක් පැවති Olympic තරඟාවලියක්.
1908 දී තමයි මෙතරම් කාලයක් ගිහිල්ල තියෙන්නෙ. ඒ පාරත් තරඟාවලිය තිබිල තියෙන්නෙ ලන්ඩන් වල! අප්‍රේල් මාසයේ ඇරඹුණු එය ඔක්තෝම්බර් වන විටත් අවසන්වෙලා නැහැ!
ඇත්තටම එච්චර කාලයක් තියෙන කොට දේශගුණය නිසාත් ක්‍රීඩකයන්ට විවිද අපහසුතාත් ඇවිල්ල තියෙනවා.  අනික ඉතින් මෙච්චර කාලයක් ගෙදරින් වෙන් වෙලා ඉන්න ගියහමම එපා වෙනවනේ :D .  මේපාර නම් සැප්තැම්බර් 9 වෙනිදායින් London Olympics අවසාන වීමට නියමිතයි.  

Olympic rings වලින් හැඟවෙන දේ...
මේ rings වල කහ, කොළ, රතු, කළු, නිල් වර්ණ වලින් ලෝකේ හැම රටකම කොඩි නියෝජනය වෙනවා කියල තමයි කියන්නෙ. අඩුම තරමේ ඒ වර්ණ වලින් එකක් හරි ඕනෙම කොඩියක තිබීමයි ඒකට හේතුව. 
ඒ වගේම මේ rings 5 න් ලෝකයේ මහද්වීප 5 නිරුපනය වෙනවා කියලත් කියනවා. හෝව්! පොඩ්ඩක් ඉන්න, මහද්වීප 5ක් වෙන්නෙ කොහෙද 7 ක් තියෙනවනෙ? අහ් නෑ ඕලිම්පික් කමිටුව කියන විදිහට එයාල ලෝකේ සලකල තියෙන්නෙ මහද්වීප 5 ක් හැටියට.  ඒ කියන්නෙ ආසියා, ඇමෙරිකා, අප්‍රිකා, යුරෝපා, සහ ඇන්ටර්ක්ටික් ලෙසයි.
මේ පාර ඕලිම්පික් වෙනුවෙන් ලන්ඩන් නගරයේ Tower Bridge එකේ ලොකු Olympic Rings සෙට් එකක් හයි කරලා තියෙනවා දකින්න ඇතිනෙ. මීට ටික දවසකට කලින්, හරියටම කිව්වොත් අගෝස්තු 3 වෙනිදා රෑ පුර හඳ අහසට නැගීගෙන එනකොට හරියටම අර rings වලට තව ring එකක් ඇඳෙන ලෙස එක අවස්ථාවක පෙනිලා තියෙනවා. ඒ අවස්ථාවේ ගත්තු ෆොටෝ එකක් තමයි පහල තියෙන්නෙ. බලන්න කොච්චර අපූරුද කියල ^_^ 

තව පොඩි සිද්ධියක් තමයි ඉන්දියාවේ මහත්ම ගාන්ධි, 1932 ලොස් ඇන්ජලිස් වල පැවති Olympic තරඟාවලියට පත්තර වාර්තාකරුවෙකු ලෙස සහභාගී වෙලා තියෙනවා. 

ඔබ මේ කරුණු ටිකෙන් පොඩි දෙයක් හරි දැන්ගත්තනම් සතුටුයි. ලෝකේ තියෙන ගොඩක් දේවල් වල සැඟවුණු පැති, සැඟවුණු කතා ඇති කියල මේක කියෙව්වම ඔයාලට හිතෙන්න ඇති. ඒවා හොයාගෙන රසවිඳින්න. පුළුවන් නම් අපිටත් දැනගන්න ඉඩ සලස්වන්න. ඔබට ජය!!

0 comments: