Face Detection Technology කියන එක වර්තමානයේ දියුණුවෙමින් පවතින තාක්ෂණයක්. දැන් තියෙන ජංගම දුරකථන වල තියෙන camera වල පවා මේ option එක තියෙනවා. කොහොමහරි මං දන්න විදිහට අද වනතුරු මේ තාක්ෂණය යොදාගත්තේ නිශ්චල චායාරුප (still images ) සඳහා විතරයි.
නමුත් ආරංචි විදිහට Google ආයතනය විසින් මේ තාක්ෂණය තව දුරටත් දියුණු කරමින් මේ තාක්ෂණය video එකකට යොදාගන්න පුළුවන් ආකාරය සොයා බලනවලු. දැනටමත් patent application එකක් ගොනු කරලා කියල තමයි news එක ආවෙ.
මෙම තාක්ෂණය අනුව video frames සමුහයක් භාවිතා කරලා එක් පුද්ගලයෙකුට අදාල මුහුණේ ඉරියව් හඳුනගන්නවලු. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ වෙන video එකකදී ඕනෑම කෝණ කිහිපයක් සැලකීමෙන් හඳුනාගැනීම සිදුකරන්න පුළුවන්ලු. නොයෙකුත් ආලෝකකරණ, සෙවනැලි, කෝණ වලදී ද නිවැරදිව ක්රියා කරන්න තරම් මේ තාක්ෂණය දියුණුයි කියල තමයි කියන්නෙ.
Youtube වෙබ් අඩවියට මෙය Option එකක් ලෙස addකරන්න ඔවුන් අදහස් කරගෙන ඉන්නවලු. එතකොට upload කරන video එකක ඔබේ රුවක් තිබුනොත් ඔබව ඉබේම tag වී ඔබේ තොරතුරු හා facebook account එකට යාමට link එකක්ද ඒ අසලින් දිස්වීමට නුදුරු අනාගතයේදී ඉඩ ඇත! කෙසේවෙතත් තාක්ෂණයේ දියුණුවත් සමග සමාජය තුල තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට සටන් කිරීමට සිදුවන දිනයක් පැමිණේ යයි මට හැඟේ.
තව තොරතුරු:
0 comments:
Post a Comment