මේක අලුත් තාක්ෂණය එක්ක කරපු හොඳ සොයාගැනීමක් කියල කියන්න පුළුවන්.  අපේ රටේ ප්‍රබලව නැති උනාට බටහිර රටවල් වල 'ශබ්ද දුෂණය'ට එරෙහිව ගොඩක් නීති තියෙනවා. ඒක නිසා කලින් වගේ Discos ,Parties වල ටිකක් හයියෙන් music play කරනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවානෙ. නමුත් දැන් එකට හොඳ විසඳුමක් ලැබිල තියෙනවා
මේකෙදි dance කරන හැමෝටම wireless headphones දෙනව දාගන්න. ඊට පස්සේ ඉන්න DJ හරි player එකෙන් හරි music play කරනවා හැබැයි ඒ music broadcast කරන්නේ FM - තරංග හරහා. ඒකනිසා headphones දගෙන නැති අයට කිසිම sound එකක් ඇහෙන්නෙ නැහැ. කොහොමද වැඩේ? :D ඇත්තටම මේ ක්‍රමේට ගොඩක් ය කැමතියි කියල කියනවා. අනික ඉතින් headphones වලින් අහද්දී music qualityයි  කියල දන්නවනේ. හැබැයි ඉතින් අර ඇඟටම වදින bass එක නම් එතකොට නැතුව ඇති. 
මේක parties වල විතරක් නෙමෙයි පොඩි bands play කරද්දීත් ඒ instruments , transmitter එකකට plugකරලා මේ විදිහට headphones වලින් අහන්න දෙන අවස්ථාත් තියෙනවා  (Silent gig )
ඒවගේම මේ තාක්ෂණය තවත් දියුණුවෙලා Silent Theatres එහෙමත් බිහිවෙලාතියෙනවා.


මේ පහලින් තියෙන්නේ useකරන headphone එකක් සහ transmitter එකක් 

පහලින් තියෙන්නේ silent disco event එකක video එකක්... 
එයාලගේ feedbacks එහෙමත් තියෙනවා 



0 comments: