හෆ්ෆා කාලෙකින් මේ පැත්තේ අවේ.. කොහෙද ඉතින් වෙලාවක් නැනේ...හරි කමක් නෑ මං අද කියන්නේ 2008/9 කලේ තිබුණු ඇමෙරිකානු Reality Show එකක් ගැන..  පැයක කාලයක් පුරාවට ඇදී යන කොටස් වලින් සමන්විත මේ Show එක ගොඩක් කතා බහට ලක්වුණු එකක්.. 
ගොඩක් යාලුවෝ දන්නවත් ඇති, නොදන්නා අය වෙනුවෙනුයි මං හොයාගත්තු ටික තොරතුරු කියන්නේ.


මේක 'Mind Star'   'සිරස ලක්ෂපති' වගේ වැඩසටහනක්..... වැඩසටහන හසුරුවන Mark Walberg, තරඟකරුවගෙන් ප්‍රශ්න 21ක් අහනවා, ඒවාට අවංකව හිතේ තියෙන පිළිතුරු සැපයුවොත් $500,000 ක් ලැබෙනවා! අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න සාමාන්‍ය දනිමවත් ඕනේ නැති නිසා මේක ලේසියි වගේ ඔයාලට හිතෙන්න පුළුවන්.. එත් අහන ප්‍රශ්න දන්නවනම් පොළව  පලාගෙන යන්න හිතෙයි!! මම පහලින් youtube links ටිකක දැන්නම් ඔයාල බලලම තීරණය කරන්න මං එහෙම කිව්වේ ඇයි කියල  :P 

මේකෙදි දීපු පිළිතුර අවංකම දීපු එකක්ද කියල බලන්නේ කොහොමද කියල ඔයාලට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්.. එක කරන්නේ මෙහෙමයි(ලු)
දන්නවද polygraph කියල උපකරණයක්? මේකෙන් ශරීරයේ නාඩි වැටීම, රුධිර පීඩනය, හුස්මවැටීම වැනි දේවල් detect කරලා යම් පුද්ගලයෙක් ප්‍රකාශ කරන්නේ ඇත්තද බොරුද කියල හඳුනාගන්න පුළුවන්. සමහර රටවල් වල අපරාද විමර්ශන ආයතනවලත් මේක use කරනවලු.  මේ show එකේ  තරඟකරුවට තරඟයට පෙර, ප්‍රශ්න 50 කට විතර මේ පොල්ය්ග්‍රෆ් යන්ත්‍රයක් ඉදිරිපිට ඉඳන් උත්තර දෙන්න තියෙනවා. හැබැයි එය දුන්නේ ඇත්ත පිලිතුරද කියල ඒ වෙලාවේ එයාට කියන්නේ නැහැ. මෙහෙම අහන ප්‍රශ්න 50 ට තරඟයේදී අහන ප්‍රශ්න 21 ත් අඩංගු වෙනව.. ඒවා වල නිරවද්‍යතාවය තරඟය අතරතුරදී තමයි කියන්නේ.තරඟයේ ඉදිරියට යද්දී විවිධ අදියර වලදී පිලිවෙලින් $10000 , $25000, $100000, $200000, $350000, $500000 හිමිවෙනවා. ඒවගේම තමයි ටික ටික ඉදිරියට යද්දී අහන ප්‍රශ්න බොහොම පෞද්ගලික ඒවා වෙනවා. කොටින්ම කිව්වොත් ඔබේ සහකරුවා/සහකාරියටවත් ඔබෙන් අහන්න බැරි දේවල් අහනවා! නමුත් මුදල් ඉදිරියේ මේකට එන සමහර අයනම් කිසිම දෙයක් හිතන්නේ නැතුව පිළිතුරු දෙනවා, සමහරු නම් කියන්නේ මේක Script  එකකට අනුව වෙන දෙයක් කියල... කොහොම උනත් අහන ප්‍රශ්න වලට නම් ප්‍රේක්ෂකයොත් 'shocked '  වෙනවා.. 

Lauren Cleri in the Moment of Truth:-
part(1): 




Angela Ciemny in the Moment of Truth
part(1):


polygraph ගැන වැඩිදුර තොරතුරු :- http://en.wikipedia.org/wiki/Polygraph

0 comments: