අද ලෝකයේ ජනග්‍රහණයෙන් 80% කටත් වඩා ප්‍රමාණයක් එදිනෙදා ගමන් බිමන් යාමේදී ජංගමදුරකථන අරන් යනවලු. ඒවගේම මේවා අර ඉස්සර වගේ call ගන්න විතරක් තියෙන ගඩොල් බාගේ phone නෙමෙයි :D ඉතා සියුම් sensors සහ තවත් electronic කොටස් රාශියකින් සමන්විත උන මෙවලම්.
අනෙක් හැම electronic මෙවලමකම වගේ මේ ජංගම දුරකථන වලත් ප්‍රධාන සතුරෙක් තමයි වතුර. වතුර කිව්වට phone එක තෙත් විය හැකි ඕනෑම ද්‍රවයක් එයට තර්ජනයක් වෙනවා.
ජංගම දුරකථන භාවිතකරන්නන්ගෙන් 30% ක් පමණ වසරකට මේ සතුරා නිසා තම දුරකථන අක්‍රිය කරගන්නා බව ඔබ දන්නවාද? නමුත් එවැනි අවස්ථාවකදී සුදුසු ලෙස ක්‍රියාකළහොත් දුරකථනය රැකගැනීමට ඔබට හැකියාවක් තිබෙන්නට පුළුවන්. අපි බලමු එවැනි අවස්ථාවක අපිට මොකද කරන්න පුළුවන් කියල.
මෙහෙම දෙයක් වුන අවස්ථාවකදී හිතට එනදෙවල් ගැන හිතන්න පුළුවන් නේ :D මොන දේවල් ආවත් වතුර ගිහිල්ල නම් කරන්න ඕන මුල්ම දේ තමයි ගත්තුගමන් phone එක off කරන එක. පොඩ්ඩක් වැඩද කියල බලන්න කියල shape එකේ ON කරන්න එහෙම යන්න එපා :D
මොකද එහෙම කරොත් ඇතුලේ short -circuit වෙලා electronic කැලි බෑලි වලට හානිවෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම පල්ලෙහා ක්‍රම අනුගමනය කරලා phone එක වේලගෙන ඉන්න.
තවදෙයක් තමයි ඇතුලේ වතුර ටික යවන්න කියල phone එක අල්ලලා හොලවන්න එහෙම යන්න එපා. එහෙම කරාම ඇතුලේ වතුර නොගිය තැන් වලටත් වතුර යන්න ඉඩ තියෙනවා. කලබලනොවී හෙමිට phone එක off කරන්න :)
දැන් phone එක හෙමිට අරගෙන dry paper එකක් හරි තුවායක් හරි අරගෙන හෙමින්සිරුවේ phone එක වටේට පිහිදාන්න තව වතුර ඇතුලට යන්නේ නැතිවෙන්න.
ඊට පස්සේ phone එකේ back cover එක ගලවන්න. ඊට පස්සේ බැටරිය සහ sim card එක ගලවල ඒවත් කලින් විදිහටම වේලගන්න.
මේ වේලන වැඩේ කරද්දී මතකතියාගන්න දෙයක් තියෙනවා. කවදාවත් haridrayer එකක්, oven එකක් වගේ දේවල් පාවිච්චි කරගෙන වෙලන්න යන්න එපා.
එහෙනම් කොහොමද කොල්ලො මේක වෙලන්නෙ?
ඉන්න මෙන්න මෙහෙමයි කරන්නෙ. හෙමිට යන්න කුස්සියට. ගිහින් භාජනෙකට හාල් ටිකක් ගන්න. Phone එකේ දැන් back cover එකයි battery යයි ගලවලනේදතියෙන්නේ? හරි එහෙනම් හෙමිට භාජනේ ඇතුලෙන් phone එක තියල හැමපැත්තෙන්ම වැහෙන්න හාල් පුරවන්න.
එතැනදී වෙන්නේ මෙහෙමයි. හාල් වල තියෙන ජල අවශෝෂක ගුණය යොදාගෙන අපි phone එකේ තියෙන තියෙන වතුර ටික අයින් කරගන්නවා.
මෙහෙම හාල් වල කොච්ච්රවෙලා තියන්න ඕනෙද කියන එක phone එකේ තත්ත්වේ මත රඳාපවතිනවා. හොඳම වැඩේ තමයි එක රැයක් විතර තියෙන්න ඉඩහරින එක. උදේට phone එක අරගෙන brush එකකින් හරි පොඩි vacuum cleaner එකකින් හරි පිරිසිඳු කරගන්න. ඊට පස්සේ ON කරලා බලන්න.
වැඩ කරොත් වැඩේ ගොඩ. හැබැයි මතක තියාගන්න ටික කාලයක් යනකන් phoneඑක එක කාලෙකට පාරක් ගලවල පොඩ්ඩක් check කරලා බලන්න. මොකද ඇතුලේ මලබැඳීමක් වගේ වෙන්න පුළුවන්.
වැඩ කරන්නෙ නැත්තම් කොල්ලෝ කරන්න තියෙන්නේ reparing shop එකකට දෙන එක තමයි. ගොඩක් වෙලාවට අවුල් උන electronic parts replace කරාම වැඩේ ගොඩයන්න ඉඩක් තියෙනවා :)
e-mail එකක් ඇසුරෙන් නිර්මාණය කරන ලදි.