අහ් කොහොමද සැප සනීප? හෆ්ෆා අර z -score අවුල නිසා මම නම් තවම ගෙදර. දැන්ම Uni පටන් ගන්න පාටක් නම් නැහැ. දවස යවාගන්නේ කොහොමද කියල හිත හිත ඉන්න කොට තමයි ඔන්න London Olympics පටන්ගත්තේ.

ඉතින් මේ කාලේ ලෝකේ වැඩිපුරම කතා වෙන්නේ මේ ක්‍රීඩා උත්සවය ගැන තමයි. මේ දවස් වල යුරෝපයේ කොච්චර ආර්ථික ප්‍රශ්න තිබුනත් ඒ දේවල් ටිකකට අමතක කරලා මේ උත්සවය නරඹන්න ඒ පැත්තේ අය උනන්දුවෙන් ලන්ඩන් නගරයට එනබවයි පේන්නෙ.
Olympics ගැන සඳහන් කරොත් ඒ ගැන දන්න කරුණු මෙන්ම සැඟවුණු කරුණු කාරණාත් ගොඩක් තියෙනවාලු. මමත් ඒ වගේ ටිකක් අමුතු කරුණු ටිකක් තමයි ඔයාලට කියන්න යන්නෙ. මේවා ඉතින් දන්න අය ගොඩක් ඇති. ඒ උනාට නොදන්නා අය වෙනුවෙන් තමයි මේ ලියන්නෙ.


Face Detection Technology කියන එක වර්තමානයේ දියුණුවෙමින් පවතින තාක්ෂණයක්. දැන් තියෙන ජංගම දුරකථන වල තියෙන camera වල පවා මේ option එක තියෙනවා. කොහොමහරි මං දන්න විදිහට අද වනතුරු මේ  තාක්ෂණය යොදාගත්තේ නිශ්චල චායාරුප (still images )  සඳහා විතරයි.